ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත එයාර් කොමදෝරු සුරේෂ් හොලන්නාවර් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 සැප්තැම්බර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශොක් රාඕ මහතා ඇතුළු ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 15 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදී. එහිදි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.


