නාවික හමුදාධිපතිතුමාගේ ජන්ම දිනය අදයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 26) යෙදී ඇත. ඒ වෙනුවෙන් එතුමන් අද රාජකාරි ඇරඹිමට මත්තෙන් ප්‍රථමයෙන්ම මාලිගාවත්ත, ශ්‍රී බොධිරාජරාමයට ගොස් පුජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමින්වහන්සේ බැහැදැක ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද ලබා ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, තිරුනි සින්නයියා මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
පසුගිය මස අගෝස්තු 22 වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත් කරන ලදී.








