යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය සැප්තැම්බර් 24 වන දින යාපනය අර්ධද්වීපයේ, අනලතිව් දුපතෙහි අයියනාර් පෙර පාසලෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකි විය.
යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතේ නැවත පදිංචි කළ පවුල් 538 කට අයත් පුද්ගලයින් විශාල පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. එහිදී, නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය ළමා රෝග, මුඛ/දත්ත රෝග, කාන්තාවන් සඳහා සෞඛ්‍ය සේවා සහ උග්‍ර හා නිදන්ගත රෝග සඳහා මූලික ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරන ලදී. මේ සඳහා අවශ්‍ය වෛද්‍ය හා පෝෂණ අතිරේක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ත්‍රිපෝෂ ලංකා පුද්ගලික සමාගම විසින් නොමිලේ ප්රදානය කිරීමට කටයුතු කර ඇත.





