ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (සැප්තැම්බර් 28) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
හචිසන් මහතා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර දී මෙලෙස උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපතිතුමන් හමුවී ඇත. එහිදී එතුමා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමන ලද අතර, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මහකොමසාරිස් තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබදව සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ පැමිණීම වළක්වා ගැනීම සඳහා උතුරු මැද නාවික විධානය විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කළහ. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තුමාගේ ලේකම් මයිකල් නිව්මන් මහතා ද එක් වූ අතර, ඔවුන් තලෙයිමන්නාරම නාවික කඳවුරේ පිහිටි පැරණි දුම්රිය මාර්ගය සහ ප්‍රදීපාගාරය නැරඹීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.








