ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, කෝජි යාගි මහතා අද (සැප්තැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව යාගී මහතා විසින් අමුත්තන් සදහා වූ විශේෂ පොතේ සමරු සටහනක් තැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





