නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ජේකොබ් ඉංග්ලිෂ් මහතා අද දින (සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින්, ඔහුගේ ධූර කාලය තුළ නාවික හමුදාවට දක්වන ලද සහාය පිළිබඳව සිය ස්තුතිය එතුමන් වෙත පිරිනමන ලද අතර, ඔහුගේ ඉදිරි කටයුතු ද සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි සුභාෂිංසන එක් කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

