සංග්‍රාමික අත්දැකීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් දකුණු නාවික විධානයේදී
දකුණු විධානයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධය පැවති කාල සීමාවේදී මුහුණ දුන් සංග්‍රාමික අත්දැකිම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඊයේ (සැප්තැම්බර් 28) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී, යුදමය වාතාවරණය පැවති සමයේ නාවික පුද්ගලයන් විසින් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් සහ මනා පුහුණුවීම් තුළින් තමන් ලබා ගත් අත්දැකීම් සහ පළපුරුද්ද හේතුකොට ගෙන එම සතුරු උවදුරු වලට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වූ ආකාරය විස්තර කරන ලදී. තවද, සිය ජීවිත මෙන්ම තම සගයන්ගේ ජීවිත ද ආරක්ෂා කර ගනිමින් සතුරාට පරාජය අත්කර දීම දක්වා වූ සංග්‍රාමික අත්දැකීම් පිළිබඳව ද නාවික පුද්ගලයන් වැඩිදුරටත් අදහස් දැක්වීය.
මෙම අවස්ථාව සඳහා දකුණු විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවිකයින් සහ පුහුණු වන ආධුනික නාවිකයන් ද සහභාගී වී සිටියහ.





