ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන මහතා අද (සැප්තැම්බර් 30) වැඩ භාර ගන්නා ලදී.
ත්‍රිකුණාමලය නාවික තඨාකංගන යුධායුද දෙපාර්තමේන්තු නව ජැටියේ දී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් බීජී ධම්මික මහතා විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය රාජකාරීන් නිසි ලෙස භාර දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ද සහභාගී විය. ජගතා නෞකාවේ හිටපු අණදෙන නිලධාරී සහ නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් විය.










