වැදගත් සිදුවීම්
නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
31 Oct 2017
අභිනව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
31 Oct 2017
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා 06 කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 28 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් අද (ඔක්තෝබර් 31) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
31 Oct 2017
ඇමෙරිකානු නාවික හමුදා II ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායම් ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකානු නාවික හමුදා II වන ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායමේ ආඥාපති, රියර් අද්මිරාල් ග්‍රෙගරි හැරිස් මහතා ඇතුළු පිරිස ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
31 Oct 2017
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
31 Oct 2017
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය 04 වන සංවත්සරය සමරයි

ගිණිකොන නාවික විධානයට අයත්, පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය අද (ඔක්තෝබර් 31) සිය 04 වන සංවත්සරය සමරනු ලැබු අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.
31 Oct 2017
ඉන්දුනීසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ අද (ඔක්තෝබර් 30) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
30 Oct 2017
ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
30 Oct 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයින් 03 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
30 Oct 2017
කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා දෙක කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් අද (ඔක්තෝබර් 29) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
29 Oct 2017