ජනපති මැදුරේ විශේෂ චාරිත්ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී නාවික හමුදාවට
කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්ර සම්මාන මුර සහ ගාලු මුවදොර පිටියේ පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරීන් ශ්රී ලංකා යුද හමුදාව විසින් අද (ඔක්තෝබර් 01) සිට නාවික හමුදාවට භාර දෙන ලදී. මෙම රාජකාරීන් ඉදිරි මාස 03 ක කාල සීමාවක් පුරාවට නාවික හමුදාව මගින් සිදු කරනු ලබන අතර, ඉන් අනතුරුව එය ගුවන් හමුදාව වෙත භාර දීමට නියමිතය.
ගාලු මුවදොර පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරිය සහ චාරිත්ර සම්මාන මුරය ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් අනිල් බෝවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන අතර, ලුතිනන් කොමාණ්ඩර් සුජාන් මැණික්ගේ මහතා ජනාධිපති මන්දිරයේ විශේෂ සම්මාන මුරය භාර නිලධාරී ලෙස කටයුතු කරනු ලබයි.














