අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි එරටට භාරදේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (සැප්තැම්බර් 30) සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේදී එම ට්‍රෝලර් යාත්‍රාවන් ඉන්දීය වෙරළාරක්ෂක අභීක් නෞකාව වෙත භාර දීම සිදු කරන ලදී. මෙම කර්තව්‍ය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ රණවික්‍රම සහාය විය.





