ලෝක ළමා දිනය නිමිත්තෙන් දරු දැරියන් හට තල්මසුන් නැරඹීමට අවස්ථාව
අදට (ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනි නාලිකාව සහ නාවික හමුදාව එක්ව සිසු දරු දැරියන් හට තල්මසුන් නැරඹීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලදී.
ඒ අනුව සිංහල, දමිළ සහ මුස්ලිම් දරු දැරියන් 250 කට අධික පිරිසක් ගාල්ල, දක්ෂිණ නාවික කඳවුරින් ඒ 543 නෞකාවේ නැගී දකුණු මුහුදු ප්රදේශයේ තල්මසුන් නැරඹීම සඳහා එක්විය. එම දුර්ලභ අත්දැකීම් එම දරු දැරියන් හට නැවුම් වූ අත්දැකීමක් වූ අතර, එම අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් ඔවුන් සමස්ථ නාවික හමුදාවටත්, ජාතික රූපවාහිනි නාලිකාවේ කාර්යය මණ්ඩලයේ සියළුම දෙනාටත් සිය හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට කටයුතු කරන ලදී.








