විදේශීය නෞකාවක සේවය කරමින් සිටියදී මියගිය කාර්මිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
ඉරානයේ සිට ඉන්දියාව බලා යාත්රා කරමින් තිබූ ‘MV Gascut’ නම් ගෑස් ප්රවාහනය කරනු ලබන නෞකාවක සේවයේ නිරතව සිටියදී හදිසියේ මිය ගිය විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ඔක්තෝබර් 01) කටයුතු කරන ලදී.
මියගිය විදේශීක නාවිකයා වයස අවුරුදු 24 ක් වන ඩෙලිල් අර්ලන් නැමැති තුර්කි ජාතිකයෙකු වන අතර, ඔහු එම නෞකාවේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කොට ඇත. මේ සම්බන්ධයෙන් නාවික හමුදාවට ලද තොරතුරකට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත පී 490 දරණ වේග ප්රහාරක යාත්රාව එම නෞකාව වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
විදුලි සැර වැදීමෙන් මෙම පුද්ගලයා මරණයට පත් වී ඇතැයි සැක කෙරෙන අතර, හම්බන්තොට රුහුණු මාගම්පුර වරායේ සිට නාවික සැතපුම් 20 ක් පමණ දුරකදී එම මෘත දේහය වේග ප්රහාරක යාත්රාව වෙත ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මෘත දේහය හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුව ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත භාර දීමට කටයුතු කෙරිණි.








