නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව වෙත ලද තොරතුරු අනුව විවිධ නාවික විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, දකුණු නාවික විධානයට අයත් තංගල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හම්බන්තොට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය සැප්තැම්බර් මස 24 වන දින දික්වැල්ල ප්‍රදේශයේ සෝදිසි කිරීමක් සිදු කරන ලදී. එහිදී නීති විරෝධී ලෙස විකිණීම සඳහා සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි පැකට් (Brand Top Mountain) 110 ක් සමඟ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එම පුද්ගලයන් සහ දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්වැල්ල පොලීසිය වෙත භාර දීමට පියවර ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය සැප්තැම්බර් මස 24 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු කළ වැටලීමක දී නීති විරෝධී ලෙස රත්ත්‍රන් ග්‍රෑම් 900 ක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා ශරීරයේ සඟවා එම රත්ත්‍රන් ප්‍රමාණය ඉන්දියාමට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. වයස අවුරුදු 45 ක් වන මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් මස 28 වන දින යාපනය, වේලනි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස අල්ලා ලඟ තබා ගත් ජීවී කැස්බෑවුන් 2 දෙදෙනෙකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහුට අයත්ව තිබූ ඩිංගි යාත්‍රාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා, යාත්‍රාව සහ කැස්බෑවුන් කයිට්ස්, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හම්බන්තොට වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය සැප්තැම්බර් 29 වන දින මිරිජ්ජවිල ධීවර වරාය ආසන්නයේ සිදු කළ වැටලීමක දී නීති විරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් 13 දෙනෙකු සමග පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.. එහිදී, එම පොකිරිස්සන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ යතුරු පැදි 2 ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන්, පොකිරිස්සන් සහ යතුරු පැදි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙම කාල සීමාව පොකිරිස්සන් බිත්තර දමන කාලය වන බැවින් එම කාලය තුළ ඔවුන් ඇල්ලීම තහනම් වේ.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 29 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස තහනම් දැල් (තංගුස්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක්, මීටර් 2.5 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 5 ක් පමණ ද අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 30 වන දින අම්පාර, ඔලුවිල් ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදී සාගර සුදු මෝරෙකු (Ocean White Tip Shark) ලඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට අයත් බහුදින ධීවර යාත්‍රාවක් තුළ තිබී එම මෝරා සොයා ගෙන ඇති අතර, එම පුද්ගලයන්, බහුදින ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පාලමුනේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබේ. මෙම මෝරුන් විශේෂය, 1996 ධීවර හා ජලජ සම්පත් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ඇල්ලීමට තහනම් විශේෂයක් බවට නම් කර ඇත.





