නාවික පෙර පාසල් දරු දැරියන් ලෝක ළමා දිනය සමරයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ මගපෙන්වීම යටතේ, ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
ඒ අනුව, නැගෙනහිර, බටහිර සහ දකුණු යන නාවික විධානයන්හි පිහිටි නාවික පෙර පාසල් වල දරු දැරියන් සඳහා විශේෂ උත්සව සංවිධානය කර තිබිණි. පෙර පාසල් දරු දැරියන්ගේ අලංකාරවත් ඉදිරිපත් කිරීම්, නර්ථන අංගයන් මෙන්ම ගායනයන් ගෙන් එම උත්සව වර්ණවත් වී තිබූ අතර, දරු දැරියන් උදෙසා ත්‍යාග ප්රදානය කිරීම් ද එම අවස්ථාවන් හිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පෙර පාසලේ පැවති ලෝක ළමා දින උත්සවය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ බිරිද වන සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ත්‍රිකුණාමලය තිස්ස පෙර පාසලේ පැවති ළමා දින උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, සහ ගාල්ල දක්ෂිණ පෙර පාසලේ ළමා දින උත්සවය සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.
ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ පැවති ළමා දින උත්සවය







ත්‍රිකුණාමලය, තිස්ස නාවික පෙර පාසලේ පැවති ළමා දින උත්සවය






ගාල්ල, දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලේ පැවති ළමා දින උත්සවය





