වප් පුන් පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක්
ඊයේ (ඔක්තෝබර් 05) දිනට යෙදී තිබූ වප් පුන් පොහොය දිනය නිමිත්තෙන්, නාවික ආයතන රැසක විශේෂ බෞද්ධ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි. ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය ඇතුළු නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ යන නාවික විධානයන්හි එම ආගමික වැඩසහයන් ක්රියාත්මක කෙරිණි.
එහිදී, කාලීන ධර්ම දේශණා, කවි බණ, බෝධි පූජාමය පිංකම් ඇතුළු බෞද්ධ ආගමික වතාවත් රැසක් සිදු කෙරිණි. එම අවස්ථාවන් සඳහා නාවික විධායනයන් භාර ආඥාපතිවරුන්, නාවික ආයතනයන්හි අණදෙන නිලධාරීන්, ඇතුළු නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද එක් වී සිටියහ.
නාවික හමුදා මූලස්ථානයේ පැවති බෞද්ධාගමික වතාවත්



නැගෙනහිර නාවික විධානයේ පැවති බෞද්ධාගමික වතාවත්




උතුරු නාවික විධානයේ පැවති බෞද්ධාගමික වතාවත්




වයඹ නාවික විධානයේ පැවති බෞද්ධාගමික වතාවත්




උතුරු මැද නාවික විධානයේ පැවති බෞද්ධාගමික වතාවත්


