නාවික හමුදාධිපතිතුමන් ගංඟාරාම විහාරස්ථානාධිපති හිමිපාණන් බැහැදකී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන් බැහැ දකින ලදී. වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඤාණිස්සර හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් පළමු අවස්ථාව බවට මෙය සනිටුහන් විය.
ගංගාරම විහාරස්ථානය මගින් පාලනය වන කතරගම පිහිටා ඇති විශ්‍රාම ශාලාව සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය. මෙම මූල්‍ය පරිත්‍යාගය කිරීම සඳහා ඉදිරිපත්ව සිටියේ කොළඹ මධ්‍යම රොටරි සමාජයයි.
නාවික හමුදාධිපතිතුමන්ගේ මෙම හමුව සනිටුහන් කරමින් ගරු ස්වාමීන්වහන්සේ වෙත සමරු තිළිණයක් පූජා කළ අතර, උන්වහන්සේ විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සිහිවටනයක් ප්රදානය කරන ලදී.








