ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරී කටයුතුවල නිරත ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප ඇතුළු වේග ප්‍රහාරක යාත්‍රාවලට අනුයුක්ත නාවිකයන් විසින් කෝවිලන් තුඩුවට උතුරු දෙසින් නාවික සැතපුම් 10 ක් පමණ දුරකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ධිවරයින්, ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන එන ලදී. එම ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.



