විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
එහිදී ඔවුන් දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සහ සාගරික ආරක්ෂාව තහවුරු කරු ගැනීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවන්හි නිරත විය.
ඒ අනුව, ප්‍රථමයෙන් ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා දියත් විධාන ආඥාපති, රියර් අද්මිරාල් ස්ටුවඩ් මේයර් මහතා සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ඉන් අනතුරුව, නයිජීරියානු නාවික හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් එස්ඒ අඩේබරී මහතා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කළාප දියත් විධාන ආඥාපති, අද්මිරාල් ස්කොට් එච්. ස්ව්ෆ්ට් මහතා යන නාවික හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා සිදු කරන ලදී.
මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
නාවික හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා දියත් විධාන ආඥාපතිතුමන්



නාවික හමුදාධිපතිතුමන් සහ නයිජීරියානු නාවික හමුදාවේ පරිපාලන අධ්යක්ෂකතුමන් හමුවීම



නාවික හමුදාධිපතිතුමන් සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ශාන්තිකර කළාප දියත් විධාන ආඥාපතිතුමන් හමුවීම


