57 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර සහ ජායාරූප ප්‍රදර්ශණයක් ත්රිකුණාමලයේදීි
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණුව ලබන 57 වන බඳවා ගැනිමට අයත් මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර හා ජායාරූප ප්‍රදර්ශණයක් පසුගිය ඔක්තෝබර් 07 වන දින නිලධාරින් පුහුණු කිරිමේ සංචිතයේදී පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගි වූ අතර, මෙම තරුණ නිලධාරින්ගේ හැකියාවන් ආඥාපතිතුමාගේ ඇගයිමට ලක් විය.
පුහුණුවන නිලධාරින් අභිප්‍රේරණය කිරීම තුළින් ඔහුන්ගේ නාවික ජිවිතයේ ආරම්භයේදි කලාත්මක හැකියාවන් වර්ධනය කර ගැනිම අරමුණු කරගත් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම ප්‍රදර්ශනය හදුන්වාදිය හැක. පුහුණුවන නිලධාරින් විසින් තම පුහුණුවිම් කාල සිමාවේදි තම ඇසට හසු කර ගන්නා ලද ඡායාරූප, වර්ණ සිතුවම් සහ කාටූන් මෙම ප්‍රදර්ශනයේ දක්නට ලැබුණි. මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණු කපිතාන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ මහතා, නිලධාරින් පුහුණු කිරිමේ නිලධාරි, කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු උපදේශකයින් පිරිසක් සහභාගි වි සිටියහ.






