ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරී කටයුතුවල නිරත ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම ඇතුළු වේග ප්‍රහාරක යාත්‍රාවලට අනුයුක්ත නාවිකයන් විසින් මන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 11.5 ක් පමණ දුරකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ධිවරයින්, ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ තලෙයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන එන ලදී. එම ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.


