නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක
නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් එෆ්වී වෑන් ස්ප්‍රෑන්ග් මහතා ඊයේ (ඔක්තෝබර් 11) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියහ.
එහිදී, දකුණු නාවික විධාන මූලස්ථානයේදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, ප්‍රධාන වශයෙන් දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී පිළිබඳව සාකච්ඡා සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද එක් විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව ඔවුන් ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින පහසුකම් පිළිබඳව නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය. ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයිම පිළිබඳව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඇති සුදානම නිරික්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණ විය.
නෙදර්ලන්ත වෙළඳ නෞකාවන්හි ආරක්ෂක රාජකාරින් වල නිරත නෙදර්ලන්ත මැරීන් භටයින්, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් සේවා පහසුකම් ලබා ගැනීමට සහ ඔවුන්ගේ අවි අයුධ සුරක්ෂිතව ගබඩා කිරිමේ පහසුකම් ලබා ගැනීමට ද නියමිතය. 2017 මැයි මස 16 වන දින නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර උක්ත කරුණු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගන්නා ලදී.











