මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (ඔක්තෝබර් 11) සිදු කෙරිණි. ඒ අනුව, සැප්තැම්බර් 30 වන දින සිට මේ දක්වා, මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් අතුරින් ට්‍රෝලර් යාත්‍රා 20 ක් ඉන්දියානු රජය වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ‘අමේයා’ වෙත භාර දීම මෙලෙස සිදු විය. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ එඩිතර II උපයෝගී කර ගන්නා ලදී.





