නාවික හමුදාධිපතිතුමන් ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය නැරඹීමට එක්වෙයි
ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය අද (ඔක්තෝබර් 13) විශේෂ කාර්යභාර අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ විය. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ද සහභාගී විය.
එහි සමාරම්භක අවස්ථාවේ සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමට ද එක් වූ නාවික හමුදාධිපතිතුමන් ප්‍රදර්ශණය නැරඹීමට ද කටයුතු කරන ලදී. එහිදී, වයිස් අද්මිරාල් සින්නයියා මහතා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියේ නිරීක්ෂණ චාරිකාවාරය නිරත වූ අතර, එහි ප්‍රදර්ශණ භාණ්ඩ සහ අනෙකුත් තොරතුරු පිළිබඳව විමසා බැලීමක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.








