නාවික හමුදාධිපතිතුමන් විදේශ කටයුතු ලේකම්තුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 13) විදේශ කටයුතු අමාත්‍යංශයේදී, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ප්‍රසාද් කාරියවසම් මහතා හමුවිය. වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්තුමා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී, ඔවුන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්තුමා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.



