උතුරේ කඨින පිංකම් 2 ක් නාවික හමුදාවේ මූලිකත්වයෙන්
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පසුගිය දිනයන්හිදී කඨින පිංකම් 2 ක් පවත්වන ලදී.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 06 වන දින දඹකොළ පටුන විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවරය වැඩම කරවීම සහ දහවල් දානමය පිංකම එම විහාරස්ථානයේදී සිදු කෙරිණි. චිරාගත සම්ප්‍රදායානුකූලව අලංකාර පෙරහැරක් මඟින් කඨින චීවරය වැඩම කරවීම සිදු කෙරුණු අතර, කඨින චීවරය දඹකොළ පටුන විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සිල්වා මහතා විසින් එම චීවරය නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්යන් වෙත පිළිගන්වන ලදී. ඉන් අනතුරුව, එම විහාරස්ථානයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පුන්‍යකර්මයක් ද පැවැත්විණි.
තවද, ඊයේ (ඔක්තෝබර් 13) නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ කඨින පිං කම සිදු කරන ලදී. එම පුණ්‍ය කටයුත්ත නාගදීප විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්යන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. එහිදී, උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් විසින් සධාතුක කරඩුව වැඩම කරවූ අතර, කපිතාන් කෝසල වර්ණකුළසූරිය මහතා විසින් කඨින චීවරය වැඩම කරවන ලදී.
එම අවස්ථාව ද අලංකාරවත් පෙරහැරකින් වර්ණවත් වූ අතර, කඨින චීවරය සහ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ද මග දෙපස රැස්ව සිටියහ. ඉන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම පැවැත්විණි. තවද, නාගදීප විහාරස්ථානයට පැමිණ සිටි බැතිමතුන් උදෙසා දහවල් දානය පිරිනැමීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ස්වාමීන්වහස්සේලා වෙනුවෙන් අට පිරිකර පූජා කිරීම සිදු කෙරුණු අතර, ස්වාමීන්වහසේලා විසින් නාවික හමුදාධිපතිතුමන් ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පුද කළහ.
දඹකොළපටුන විහාරස්ථානයේ පැවති වාර්ෂික කඨින සහ දානමය පිංකම












නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති වාර්ෂික කඨින සහ දානමය පිංකම











