නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද නාවික නිලධාරීන් 8 දෙනෙකු විසිර යයි.
ඉතා අසීරු කිමිදුම් පාඨමාලාවක් වන නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ නාවික නිලධාරීන් 8 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 13) විසිර යන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කිමිදුම් පුහුණු පාසල මඟින් පවත්වන ලද එම පාඨමාලාව මාස 3 ක කාල සීමාවක් පුරා පැවැත්විණි. විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය. පාඨමාලාවේ දක්ෂතම කිමිදුම් නිලධාරියාට හිමි සම්මානය ලුතිනන් ආර්ජී හේවගේ හිමි කර ගන්නා ලදී.
දෙවන වරටත් පවත්වන ලද මෙම සුවිශේෂී කිමිදුම් පුහුණු පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හට සිය වෘත්තීමය දැනුම, න්‍යායික සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණි. එමඟින්, සංග්‍රාමික කිමිදීම, මතුපිට ආධාර උපයෝගී කර ගනිමින් කිමිදීම, ස්කුබා කිමිදීම, රාත්‍රී කිමිදීම, මාලිමා යන්ත්‍ර උපයෝගී කර ගනිමින් සිදු කරන කිමිදීම, දිය යට මුහුදු බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීම, මුහුදු පත්ල සෝදිසි කිරීම, දිය යට නෞකා පතුළ සෝදිසි කිරීම සහ ප්‍රති සම්පීඩක චේම්බරය යන ඉතා අසීරු ක්‍රියාකාරකම් හැදෑරීමට අවස්ථාව උදා විය. තවද, එහිදී ඔවුන් අඩි 180 ක් ගැඹුරට කිමිදීමේ අභ්‍යාසය ද ඉතාමත් කාර්ථක ලෙස සිදු කිරීමට සමත් විය.











