සරණංකරාභිමානී 2017 ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය
බිංගිරිය, ශ්‍රී සරණංකර ජාතික පාසලට වසර 85 ක් සපිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙන සරණංකරාභිමානී 2017 අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශණය සහ සැණකෙළියේ නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කොට ඇත.
එම කුටිය මඟින්, ප්‍රදර්ශණය නැරඹීම සඳහා නන් දෙසින් පැමිණෙන ජනතාවට නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා, නිල ඇදුම්, නිලයන් හා තරාතිරම් සහ නාවික මෙහෙයුම් ඇතුළු නාවික හමුදාව සම්බන්ධ අනෙකුත් විස්තර සැකෙවින් දැන ගැනීමේ අවස්ථාව සළසා දී තිබිණි.







