දක්ෂිණ නාවික පෙරපාසලේ දීපවාලී උත්සවයක් පැවැත්වෙයි
හෙට (ඔක්තෝබර් 18) දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවයට සමගාමීව ගාල්ල දක්ෂිණ නාවික පෙර පාසලේ දරු දැරියන් විසින් අද දින අලංකාරවත් දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබිණි. එහිදී පෙර පාසල් දරු දැරියන් සහ ගුරු භවතුන් විසින් ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් දීපවාලී උත්සවයේ සිදු කරනු ලබන සියළුම සාම්ප්රදායික චාරිත්ර සිදු කිරීමට ද කටයුතු කරන ලදී. ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන්ගේ ප්රධානතම ආගමික උත්සවය ලෙස මෙම උත්සවය හදුන්වනු ලබයි.





