ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ක්‍රී බන්ග් ටෝමෝ නෞකාව අද (ඔක්තෝබර් 19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් හෙරි ට්රයිවිබෝවෝ මහතා ඇතුළු ඉන්දුනීසියානු නියෝජිත පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි 107 දෙනෙකුගෙන් යුත් නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් මස 21 වන දින මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.











