නාවික හමුදාධිපතිතුමන් CINEC ජාත්‍යන්තර පාසලේ සැපයුම් හා සේවා දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙයි
කොළඹ ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු පාසල (CINEC Campus) මගින් සංවිධානය කරන ලද සැපයුම් හා සේවා දින (Logistics day 2017) උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 19) සහභාගී විය. මෙය මාලබේ පිහිටි එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, අද දින පවත්වන ලද සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ නාවික හමුදාධිපතිතුමන් විසිනි.
මෙය එම විද්‍යාලයේ සැපයුම් සේවා හා ප්‍රවාහන කළමණාකරන පීඨය සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨ වලට අයත් උපාධි අපේක්ෂකයින් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර එහි තේමාව වූයේ “සැපයුම් හා සේවා සවිබල ගැන්වීම: යුධෝපක්‍රම පිළිබඳ වත්මන් ඇගයීම” යන්නයි.
මෙවර සැසිය මගින් යුදමය සැපයුම් හා සේවා කටයුතු පිළිබඳව මෙන්ම එහි සිද්ධාන්ත සහ උපායමාර්ගයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම ප්‍රධාන අරමුණ වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද හරවත් දේශනය මඟින් ඒ සඳහා මහත් පිටිවහලක් ලැබෙනු ඇති බව විශ්වාස කෙරේ.














