නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 20) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, වයිස් අද්මිරාල් සින්නයියා මහතා නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව උතුරු නාවික විධානයේ සිදු කළ පළමු සංචාරය බවට මෙය සනිටුහන් විය.
ප්‍රථමයෙන් එතුමා, නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය මත අභිනවයෙන් ඉදි කරන ලද යාපනය අගරදගුරු නිල නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් විය. යාපනය දියෝකිසිය භාර රදගුරු අති උතුම් ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥාණප්රයාසම් පියතුමා විසින් එම නිල නිවස විවෘත කරන ලදී. එහිදී අදහස් දැක්වූ ගරු පියතුමන් විසින් එම කර්තව්‍ය ඉතා උසස් අයුරින් නිම කිරීම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් හට, උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් හට, සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන් සහ නාවිකයන් හට මෙන්ම නන් අයුරින් උපකාර දැක්වූ සියළු දෙනා හට දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළ අතර, ඔවුන් හට සිය ස්තුතිය පිරිනමන ලදී. නාවික හමුදාධිපතිතුමන් විසින් ද එම අවස්ථාව අමතා මෙම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට දායකත්වය දැක්වූ සියළු දෙනා හට ස්තුතිය පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම කාර්යය සඳහා දායකත්වය දැක්වූ නාවික පුද්ගලයින් හට අති උතුම් ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥාණප්රයාසම් පියතුමා විසින් සමරු තිළිණ ප්රදානය කළ අතර, නාවික හමුදාධිපතිතුමා සහ පියතුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් විසින් උතුරු නාවික විධානයේ නව ඉංජිනේරු වැඩපළ සහ කාර්යාල සංකීර්ණය විවෘත කරන ලදී. එහි නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ නාවික හමුදාධිපතිතුමන්, ඉංජිනේරු වැඩපලේ රාජකාරී ස්වභාවය, නවීන තාක්ෂණික මෙවලම් ඇතුළු අනෙකුත් නව පහසුකම් පිළිබඳව සොයා බැලීය. එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ නාවික පුද්ගලයින් අමතා ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ එතුමා, ඔවුන්ගේ එම ක්‍රියාව ඉහළින් අගය කරන ලදී.
කන්කසන්තුර, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී නාවික පුද්ගලයින් ඇමතීමට කටයුතු කළ නාවික හමුදාධිපතිතුමන්, ඉදි කෙරෙමින් පවතින විධාන නිලධාරී නිවස්නයේ ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට ද එක් විය. යාපනය ව්‍යාපෘතියේ වැඩ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එතුමා විධාන නිලධාරී නිවස්නයේදී නිලධාරීන් ඇමතීමට කටයුතු කෙරෙණි. එම අවස්ථාව සනිටුහන් කරමින් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිලිගැන්වීය. මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
































