ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදාව අතර සුහද අත්පන්දු තරඟාවලියක් වැලිසර දී
සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 19) කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අත්පන්දු ක්‍රීඩා කණ්ඩායම අතර සුහද තරඟයක් පවත්වන ලදී. අද (20) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පැවැති එම තරඟාවලිය නැරඹීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ඉතාමත් උද්යෝගිමත් ක්‍රීඩා තරඟයක් වූ එම අවස්ථාව දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් විය. තරඟාවලිය අවසානයේ ඉන්දුනීසියානු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් හෙරි ට්රයිවිබෝවෝ මහතා විසින් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටි වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ විධායක නිලධාරී කොමාණ්ඩර් මොහොමඩ් අර්ශාඩ් මහතා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.








