ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 6 ක් ආපසු භාර දෙයි
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාවට භාර දීම අද (ඔක්තෝබර් 20) සිදු කෙරිණි. ඒ අනුව, සැප්තැම්බර් මස 30 වන දින සිට මේ දක්වා, මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් අතුරින් යාත්‍රා 32 ක් ඉන්දියානු රජය වෙත භාර දී ඇත.
එම යාත්‍රාවන් නිසි පරිදි ඉන්දීය ධීවරයින් හට ඊයේ (19) භාර දුන් අතර, අද දිනයේදී එම ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ‘රාණි ගයිදින්ලිව්’ වෙත භාර දීමට කටයුතු කෙරිණි. එම කාර්යය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ රණවික්‍රම උපයෝගී කර ගන්නා ලදි.





