ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකුට පොලී රහිත ණය මුදල් ප්රදානය නාවික හමුදාධිපතිතුමා අතින්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 40 දෙනෙකු වෙත ලක්ෂ පහක් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික ලෙක්ම්, කොමදෝරු තිලක් සිගේරා මහතා, නාවික හමුදාධිපතිතුමාගේ නාවික සහායක කපිතාන් අනුර ධනපාල මහතා සහ නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගයනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්රදානය ආරම්භ කෙරුණු අතර, මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1061දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට කටයුතු කර ඇත.


