අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (ඔක්තෝබර් 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත. ඒ අනුව එතුමන්, සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ඔක්තෝබර් 26) විශ්‍රාම යන ලදී.
ඒ අනුව අද (සැප්තැම්බර් 26) නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත 48 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. එහිදී, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අද්මිරාල් නිලයට උසස් කෙරුණු සින්නයියා මහතා වෙත සිය සුභාසිංශන පිරිනමන ලදී. චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත භාර දුන් අද්මිරාල් සින්නයියා මහතා හට සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් සින්නයියා මහතා හට සුභාශිංසන එක් කළහ.








