බංග්ලාදේශ නාවික නෞකා සොමුද්රා අවිජාන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය ඔක්තෝබර් 23 දින කොළඹ වාරයට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්රා අවිජාන් නෞකාව ඊයේ (ඔක්තෝබර් 26) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද අත්පන්දු ක්රීඩා තරඟයකට සහභාගිවන ලදි.





