කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වේ
කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ කොරියානු තානාපති, වොන්-සෑම් චෑන්ග් මහතා ද සහභාගී විය.
ඉන් අනතුරුව කොරියානු නාවික හමුදාවේ පුහුණු කාර්ය ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් යැං යොන්ග් මෝ මහතා සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන, කපිතාන් පාර්ක් චැන්ග් ජූ සහ කපිතාන් ලී යන් ඕ මහතා ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවන්හි කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව ඔක්තෝබර් මස 29 වන දින මෙම නෞකාවන් කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.













