නාවික හා සාගරික විද්‍යාපිඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපීඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 16 දෙනෙකු හට සහතික ප්රදානය කිරීම ඊයේ (ඔක්තෝබර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 16 දෙනෙකු මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද අතර, පහත සඳහන් නිලධාරින් පාඨමාලාවේ විශේෂ ඇගයීමට ලක් විය.
පාඨමාලාවේ දක්ෂතම නිලධාරී සහ දක්ෂතම කථිකයා
ලුතිනන් එච්බිජි තනුජ
කළමණාකරණය, යුද නායකත්වය සහ මාණ්ඩලික රාජකාරි යන විෂයන්ගේ වැඩිම ලකුණු
වැඩ බලන ලුතිනන් කොමාණ්ඩර් (ඉ) ඒඑන් මාකොලගේ
දක්ෂතම ක්‍රිඩකයා
වැඩ බලන ලුතිනන් කොමාණ්ඩර් (වියාබ) ආර්එල් ගුණතිලක
හොදම පර්යේෂණ පත්‍රිකාව වෙනුවෙන් පිරිනමන ආඥාපතිතුමාගේ කුසලානය
ලුතිනන් (සැ) ඊආර්ඩිඑන් ඒකනායක
මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා, පුහුණු කපිතාන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ මහතා, නියෝජ්‍ය පුහුණු කපිතාන්, කපිතාන් චන්දිම සිල්වා මහතා මෙන්ම විද්‍යාපිඨයට අනුයුක්ත කාර්ය මණ්ඩලය සහ පුහුණුවන නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.














