ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වේ
පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ (ඔක්තෝබර් 28) මට්ටක්කුලිය, කාක දුපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.
ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුව සහ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් ද සහභාගී වි සිටියහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව මෙරට මුහුදු සීමා සිතියම් ගත කිරීමේ කටයුතු සඳහා පැමැණි ‘සුට්ලෙජ්’ නෞකාව ලබන දෙසැම්බර් 21 වන දින කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.





