කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා දෙක කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් අද (ඔක්තෝබර් 29) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද ක්රීඩා තරඟයකට ද සහභාගිවන ලදි.





