නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයින් 03 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ලොරි රථයකින් මත්ස්‍ය කිලෝග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදි මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, අදාළ පුද්ගලයා, මත්ස්‍ය තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 24 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් ඒකව පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ සොදිසි කිරීමකදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඔහුන්ට අයත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 02 ක් සහ මුහුණු ආවරණ 04 ක් අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි කටයුතු සඳහා කුච්චවේලි (උතුර) ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 25 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව නිලාවේලි, කල්ලරාව ප්‍රදේශයේ සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ලොරි රථයකින් මත්ස්‍ය කිලෝග්‍රෑම් 485 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදි මොහුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, අදාළ පුද්ගලයින්, මත්ස්‍ය තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 25 වන දින නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ බම්බලපිටිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව මට්ටක්කුලිය, කදීරාන වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස ළඟ තබාගත් වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 2000 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) ඉදිරි නීතිමය කටයුතු සඳහා මට්ටක්කුලිය, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
පසුගිය ඔක්තෝබර් 26 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 08 ක්, තහනම් දැල් 03 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 500 ක් ද අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 26 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව නිලාවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස ළඟ තබාගත් වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 800 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි, පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, පසුගිය ඔක්තෝබර් 27 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 03 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 193 ක් ද අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට තිබේ.








