ශ්රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි
ශ්රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
එහිදී, කැප්ටන් අශෝක් රාඕ මහතා විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රණසිංහ මහතා වෙත සුභාෂිංසන පිරිනමන ලදී. අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



