ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එහිදී, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා නව නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


