නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරමින් සන්නස් පත්රය ප්රදානය කරන ලදී.
ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන්, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවැති පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කෙරිණි.


