ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්රහාරක නෞකා 06 කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය ඔක්තෝබර් 28 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්රහාරක නෞකාවන් වන ‘ප්රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් අද (ඔක්තෝබර් 31) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද ක්රීඩා තරඟ සඳහා ද සහභාගිවන ලදි.











