වේලනි මධ්‍ය මහා විද්‍යාලයට පැසිපන්දු පිටියක්...
නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සේවාවන්හි තවත් එක් සේවාවක් ලෙස යාපනය, වේලනි මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකර දීම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දී ඇත. ඒ අනුව ක්‍රීඩා පිටිය සිසු අයිතියට පත් කිරීම උතුරු පළාත් අණ්ඩුකාර, ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 31) සිදු කෙරිණි.
පැසිපන්දු ක්‍රිඩා පිටිය ඉදි කිරීම සඳහා ප්‍රදේශයේ සමාජ සේවකයෙකු වන ස්කන්ද කුමරන් මහතා සහ එම මැතිණියගේ පූර්ණ මුල්‍ය දායක්වය ලබා දී ඇත. විද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පැසිපන්දු ක්‍රිඩා පිටිය ඉදි කිරීම සඳහා නාවික හමුදාව මැදිහත් වී ඇත. උතුරු නාවික ප්‍රදේශභාර හිටපු ආඥාපති හා වර්ථමාන අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ හිටපු අණදෙන නිලධාරි වන කපිතාන් මහින්ද මහවත්ත මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය වර්තමාන උතුරු නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් (අවි) රුවන් හෙට්ටිආරච්චි මහතාගේ සෘජු අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ලදී.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් රුවන් හෙට්ටිආරච්චි මහතා, පළාත් අධ්‍යාපන කාර්යාලට අනුයුක්ත නිලධාරින්, විදුහල්පති එස් කිරුපාහරන් මහතා සහ ගුරුභවතුන් මෙන්ම විද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යවන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.





