බත්තරමුල්ල ගේට්වේ ජාත්‍යන්තර පාසලට නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක්
බත්තරමුල්ල, ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපනය හදාරනු ලබන සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නාවික හමුදාව විසින් අරම්භ කරන ලද බෝට්ටු සේවාව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 01) ආරම්භ කෙරිණ. එමගින් නාවල, රාජගිරිය හා බත්තරමුල්ල අවට සිසුන් හට මාර්ග තදබදයකින් තොරව සුව පහසු ගමන් පහසුකම් සලසා දීම නාවික හමුදාවේ අරමුණයි.
ඒ සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා 03 ක් අනුයුක්ත කර ඇති අතර, එමගින් එක් ගමන් වාරයකට පාසල් සිසුන් 40 දෙනෙකු සඳහා ගමන් පහසුකම් සපුරා ගත හැක. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති, අසේල ඉද්දවෙල මහතා, මහමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, නිහාල් සූරියආරච්චි මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතා සහ නාවික හමුදාවේ, අධ්යක්ෂ ජෙනාරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.








