අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
මෙම පළමු නිල හමුවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


