ඉන්දුනීසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 02) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමු දෙන ලදී.
තවද, එම නෞකාවේ තූර්ය වාදක අංශය විසින් ඊයේ (නොවැම්බර් 01) කොළඹ, ගාලු මුවදොර පිටියේ දී වර්ණවත් තූර්ය වාදක ප්රසංගයක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී. තවද, තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී විය.














